ලෝකාග්‍ර දෙවිඳුනි.. අපගේ පියාණෙනි.. මැවිල්ලේ කතුවර ඔබයි.. තේජස් මහිම වේ.. ප්‍රශංසාව මැද වැඩ සිටිනා.. පුදනට එතුමන් වටිනා.. අමිල ලෙයින් අපව මිළදී ගත්තා.. නමදිමු සැමදා සැවොමා..
Image and video hosting by TinyPic
Jesus-Name

ගැලුවේ ඔබේ ලෙයයි

ගැලුවේ ඔබේ ලෙයයි
දැරුවේ මගේ දුකයි
සිතුවේ මා ගැනයි
ගෙවුවේ මගේ ණයයි...

කස පහරින් තැලුනා - යේසුනි ඔබේ කය
ඇණ පහරින් තැලුනා - යේසුනි ඔබේ කය
කටු ඔටුනින් බිදුනා - යේසුනි ඔබේ හිස
මා වෙනුවෙන් පිදුවා - යේසුනි ඔබෙ දිවිය

සැම අපහස වින්දා - යේසුනි මා හින්දා
නෙතග කඳුලු සැලුනා - මට පැ සෙනෙහෙ නිසා
කුරුසියෙ තනිවූවා - යේසුනි මා නිසා
මගෙ ණය මෙලෙස ගෙවා - ඔබෙ දරුවෙකු කළා