1.අදහන්න ස්වාමීන් තුළ
පුදුම ආසිරි සිදුවෙයි දැන්
ඔබගේ ඇදහිල්ලෙන්
2.උත්තරේ ක්‍රිස්තුස් මා සියල්ලට
උත්තරේ ක්‍රිස්තුස් මා මිතුරු
දිවි ගැටළු නිරාකරණයි
මා මිදුම්කරු නොවරදයි
3.යේසුස් විසඳයි සෑම ගැටළු
යේසුස් පමණයි මට ඕනෑ
මුදා සුව දී ආත්මයෙන් පුරවයි
ඕ හාලේලූයියා යේසුස් සෑහේ
4.පුදුමයි පුදුමයි යේසුස් මේ මට
බලවත් මන්ත්රියාණන් ඔබ තුමා වේ
ගළවා රැකදෙයි සෑම පාපයෙන්
පුදුමයි මා මිදුම්කරු ස්තූතී වේ
5.ඕ පුදුම ප්‍රේමේ ///
යේසුස්ට මා සිතේ
6.කල්වරියට ගියා මා නිසා
මා නිසා යේසුස් මා නිසා
කල්වරියට ගියා මා නිසා
මාගේ ණය ගෙව්වා
7.හාස්කමක් පතමූ සෑමදා
හාස්කමක් පතමූ යාච්ඤාවෙනා
පතා සිටියොත් සලස්වයි එතුමා
සැමදා හාස්කමක් සිදුවෙන්නටා
8.අදහමි මුළු සිතින්
යේසුස් මැරුණේය
කුරුසේ වගුළ ලෙයින්
මා සිත සේදීය
9.ආදරයක් දුටිමි // පුදුම ආදරේ //
දෙව් කුමරාගේ මා නිසා
කුරුසියක් කරේ //
10.ගැලවුම්කාරයා බලවන්තයි
බලවන්තයි බලවන්තයි
ගැලවුම්කාරයා බලවන්තයි
නිතර බලවන්තයි
11.බලේ බලේ විශ්මපත් බලේ
යේසුස්ගේ ලේ තුළේ
බලේ බලේ විශ්මපත් බලේ
යේසුස්ගේ අනඟි ලේ තුළේ
12.දෙවිඳුන් ඔබගේ කරුණාව නිසා //
මාගේ තොල් සදා කරයි ප්‍රශංසා
ප්රීතිවෙම් සැනසෙම් ඒ නමින්
13.යේසුස්ගේ නාමයෙන් //
අපට ජය තිබේ
යේසුස්ගේ නාමයෙන් //
යක්ෂ ආත්ම දුරුවේ
යේසුස්ගේ ක්‍රියා කෙතරම් ප්‍රබලද
යේසුස්ගේ ප්‍රේමය කෙතරම් විශ්මද
යේසුස්ගේ නාමයෙන් //
අපට ජය තිබේ
14.අපට දුන්නේ භය ආත්මයක් නොව
බලයේත් ප්‍රේමයේත් ආත්මයක් //
15.යේසුස්ගේ රුව මා තුළ පෙනේවා
හිමි දයාවත් පිරිසිදුකමත්
සුදත් දෙවිඳුනි මා සුද්ද කරනු
යේසුස්ගේ රුව මා තුළ පේනතෙක්
16.ඔබ කැමති දෙයක් සාදන්න
කුඹල් කරුනි මා මැටිය
හැඩගසන්න ඔබ සිත් ලෙස්
භාරවෙමින් දැන් බලා සිටිමි
17.විශ්වාසයෙන් තබන්න ස්වාමිනි //
මාගේ දිවීම දුවන්න
ජයගෙන පෙරට
දෙන් බලේ සෑමදා මේ මට
18.ස්වාමීන්ගේ කරුණාවන් ගැන
සදාකල්ම ගීතිකා කරන්නෙමි //
මගේ කටින් ඔබේ විශ්වාසකම
සියළු පරම්පරාවලට දන්වන්නෙමි //
ස්වාමීන්ගේ කරුණාවන් ගැන
සදාකල්ම ගීතිකා කරන්නෙමි
19.ඊයෙත් අදත් සෑමදාම
යේසුස් එකවගෙයි
වෙනස් වුවත් අප සැම
යේසුස් එකවගෙයි ///
වෙනස් නොවන යේසුස් හට
තේජස් මහිම වේ
20.මේ දවසේ මේ දවසේ
සමිඳුන් සෑදූ //
ප්‍රීතිවෙමූ //අපි සෑම දෙනා //
මේ දවසේ සමිඳුන් සෑදූ
ප්‍රීතිවෙමූ අපි සෑම දෙනා
මේ දවසේ සමිඳුන් සෑදූ
21.දෙව් රජුන්ට මහිමය වේවා සදා
මා එසෙව් නිසා යේසුස්
තම හස්තය දිගුකර එසෙව් නිසා
මා යේසුස්ට ස්තූති කළා ///
සඟ ලොවේදි මා හිමි දකින විට
යේසුස්ට ස්තුති කරමි //
22.අර ජීවන ගඟ ළඟදී
අපි සේරම රැස් වෙනවා
නුඹලාත් එහි යන්නේ නම්
යේසුස් වෙත දැන් එනුවා
23.ඇද්ද නොහැකි දෙයක් ස්වාමීන්ට //
ඇද්ද නොහැකි දෙයක් /// ස්වාමීන්ට
නෑ නොහැකි දෙයක් ස්වාමීන්ට //
නෑ නොහැකි දෙයක් /// ස්වාමීන්ට
24.ඔබට පෙම් වෙන්ට යාච්ඤා කරන්ට
සේවය කරන්ට උගන්වන් මට ///
25.ප්‍රීති වෙමූ ස්වාමීන් තුළ
නැවතත් ප්‍රීති වෙමූ //
ප්‍රීති ප්‍රීති නැවතත් ප්‍රීති වෙමූ //
ප්‍රීති වෙමූ ස්වාමීන් තුළ
නැවතත් ප්‍රීති වෙමූ


