ලෝකාග්‍ර දෙවිඳුනි.. අපගේ පියාණෙනි.. මැවිල්ලේ කතුවර ඔබයි.. තේජස් මහිම වේ.. ප්‍රශංසාව මැද වැඩ සිටිනා.. පුදනට එතුමන් වටිනා.. අමිල ලෙයින් අපව මිළදී ගත්තා.. නමදිමු සැමදා සැවොමා..
Image and video hosting by TinyPic
Jesus-Name

සැම බල පරදා රජවරු පරදා

සැම බල පරදා රජවරු පරදා
මුළු ලොවට වඩා ඔබෙ මහිමය මම දුටුවා
ඔබ අභිමුඛයේ මුළු ලෝකය දන නැමුවා
ඔබෙ මහිමය මුළු ලොවටත් පෙර තිබුනා

සිහසුන් හමුවේ රජ දනන් තුළේ
ඔබගේ ප්‍රේමේ සැමදේ පලවා හැරියේ
ලෝකේ සම්පත් සැම දේ මට ලැබුනත්
යේසුනි ඔබ මට සැමට වඩා බලවත්

කුරුසේ දරා ඔබ සිටියා ඒ දිනේ
ඔබ මා නිසා දිවි පිදුවා කුරුසියේ
පියුමක් සේ අප වෙනුවෙන් පූජා වුනා
මුළු ලොව හැරදා මා ගැන සිතුවේ සැමට වඩා