මා යේසුස් මා ස්වාමි
ඔබවන් කෙනෙකු නැතේ
මා මුළු දිවි ඔබ පසසම්
බලවන්ත පුදුම ප්‍රේමේ
මා සැනසුම රැකවරණය
ශක්තිය රක්ෂස්ථානයයි
මගේ මුළු හදවතින්
ඔබ පසසන් නමදිම්
උසස් හඩින් මුළු දිව් පසසම්
රජු හට දෙමි ගෞරව තේජස්
ඔබේ නාමෙට කඳු සිරස නමයි
සාගර රැළි පිළිරැව් දෙයි
ඔබ මිදුවන් ගැන මම ගයමි
සදා ඔබට ආදරය වෙමි
අන් කිසිවෙකු නැත
ඔබ මෙන් මේ ලොවෙහි

