ලෝකාග්‍ර දෙවිඳුනි.. අපගේ පියාණෙනි.. මැවිල්ලේ කතුවර ඔබයි.. තේජස් මහිම වේ.. ප්‍රශංසාව මැද වැඩ සිටිනා.. පුදනට එතුමන් වටිනා.. අමිල ලෙයින් අපව මිළදී ගත්තා.. නමදිමු සැමදා සැවොමා..
Image and video hosting by TinyPic
Jesus-Name

යේසුස්ගේ ප්‍රේමේ

යේසුස්ගේ ප්‍රේමේ
විශාල පුදුමය වේ
මහ සාගරයත් සැම තරුවලටත්
උසස්ය කඳු සැමටත් //

යේසුස්ගේ නම අනඟියි
ලෝකාලෝකය වෙයි
ආලෝකය බබළයි ජීවිතයට එළියයි
අඳුරක් නැත මඟ, එළියෙම ඇවිදින
වෙමු අපි සෑමදෙනා //

යේසුස්ගේ ප්‍රේමේ....

බලය ඉතා පුදුමයි ලොව පාලනය කරයි
රජුන්ගෙ රජ එතුමයි ජීවිතයට එළියයි
ඉර සඳ තරු සැම මැවිල්ල නිතරම
සමිඳුට කීකරු වෙයි //

යේසුස්ගේ ප්‍රේමේ....

දෙවිඳුට අයිති සැමා
ඉදිරියේ පා තබනා
ජීවනයද රැගෙනා
යන්නෙමු ප්‍රීතියෙනා
සැබෑව සාමය එතුමය සදහට
අදහමු බැති සිතිනා //