76.සර්ව බලධාරී යෙහොවා: ස්වාමී
පිය දෙව් සමිඳු පොළොවේ රජිඳු
ස්තූති වේවා පැසසුම් වේවා
මහිමය වේවා ගෞරවය වේවා
77.ශුද්ධාත්මෙනි මම සූදානම්
පුරවන් මා හද ප්‍රේමයෙන් //
සැමට වඩා ඔබ වෙතටා
සවි දෙනුවා ළංවෙන්ටා //
78.පියාණෙනි මගේ
පුත්‍රයාණෙනි මගේ
ශුද්ධාත්මෙනි මගේ
ත්‍රී එක දෙවිඳුන් මා නමදිමි
79.දිනක් මා පාපේ
ගැලී සිටින වෙලේ
මාව ගලවා ගත් සමිඳු හට
වේවා තුති පැසසුම්
80.සෑහේ ඔබ යෙහොව: ස්වාමී
සෑහේ ඔබ සවි බලැත් දෙවි
සෑහේ ඔබ මා දෙවි පියාණන්
සෑහේ ඔබ දෙවිඳු පුත්
81.බලයේ සෙනඟක් ගොඩනංවා
ප්රශංසාවේ සෙනඟක් සාදම්
මේ දේශේ තුළ
මා ආත්මෙන් ගැවසී
අනගි නමින් මහිමවත් වේ
දෙව් සභාව නංවන් මැනේ
ශක්තිය එක්සත් බැව් දී
එක්කෙනෙක්ව දෙව් ශරීරේ
දෙව් පුත්ගේ දෙව් රාජ්‍යයේ
82.හිමිදිරියේ පටන්
හිරු බැස යන තෙක්
ස්වාමීන්ගේ නාමේට ප්‍රශංසා වේ
ස්වාමීන්ට පැසසුම් දෙව්
දෙව් දසුනි පැසසුම් දෙව්
ස්වාමීන්ගේ නාමේට ප්‍රශංසා වේ
ආසිරි වේ නාමේ ස්වාමීන්ගේ
දැන් පටන්ම
සදාකල්හි ප්‍රශංසා වේ
83.ප්‍රීතියේ කොඩිය මා සිතේ
මාළිගයේ ලෙලදෙයි
ඔව් ලෙලදෙයි දැන් ලෙලදෙයි
ප්‍රීතියේ කොඩිය මා සිතේ
මාළිගයේ ලෙලදෙයි
රජතුමා සිතේ වසන්නේ දැන්
ඔසවන් ඉහළට
සැමදෙන දැනගන් ///
ඔසවන් ඉහළට සැමදෙන දැනගන්
රජතුමා සිතේ වසන්නේ දැන්
84.දෙවිඳුගේ ආත්මය මා තුළ දැන්
මම සතුටින් ගයන්නෙමි //
මම ගයන්නෙමි //
මම සතුටින් ගයන්නෙමි //
85.අපි සෙකුන්දස් වගෙයි
ලුකියස් වගෙයි
ඔනෑසිපොරස් වගෙයි
කිතු අනුගාමිකයෝ
සමිඳුන් අනුව යනා
අපි ....
කැඩුනු බිඳුනු තැන් හරිගස්වා
තැළුනු රිදුනු අය පෙලගස්වා
අපි ....
වාද බේද අමනාප නැතේ
එකමුතුවයි වැඩකෙරුම අපේ
86.එවනුව ස්වාමිනී //
ශුද්ධාත්ම වරුසාව
එවනුව ස්වාමිනී //
අන්තිම වරුසාව
නපුරට නපුරත් නිගාර ගැනවත්
නොකරන ලෙස බලය
කැඳවීම අනූව ආශිර්වාද ලබන්නට
ශුද්ධාත්ම වර දෙනුව
87.රජකරන් සවිබලැත් රජ උතුම් //
සිහසුන් ඔබේ මහද සදා
දෙව් අණටා සිත පහදා
රජකරන් සවිබලැත් රජ උතුම්
88.මම අඩු වෙන්ටත් ඔබ වැඩි වෙන්ටත්
කරුණා කළ මැනව පියාණෙනී
කුරුසිය පිටුපස මා
සඟවා ගත මැනව
මම අඩුවෙන්ටත් ....
දෙව් වචනයට මා දිවිය
යටත් කිරීමට
මම අඩුවෙන්ටත් ....
89.වෙලනු මැනවි //
නොබිඳෙන පෙම් බැම්මෙන්
වෙලනු මැනවි සවිමත් ලෙස
එකව බැඳෙන සේ
සමගි පැවතුමේ එකම දෙවි ඔබයි
රාජාති රජිඳුනේ ඔබට පසස වේ
90.උතුම්ය හිමි නාමේ //
වැඳ වැටෙම් ඔබේ පාමුලේ //
ශුද්ධ එතුමන්
91.ප්‍රේමයෙන් එක්ව බැඳී සිටිමු //
දේව ආත්මෙ සමඟ
අපෙ ආත්මෙ බැඳී
ප්‍රේමයෙන් එක්ව බැඳී සිටිමු
පුත්‍රයාණන්ට ස්තුති කරමු
කළ සැමටම සිතුති කරමු
ලොව දැනගන්නට අත්වැල් බඳිමු
ප්‍රේමයෙන් එක්ව බැඳී සිටිමු
92.මා තුළ ප්‍රීතියක් ඇත්තේ ///
ඔබ නිසා
මා තුළ සාමයක් ඇත්තේ ///
ඔබ නිසා
මම නටමින් ප්‍රීතිවෙමි ///
ඔබ නිසා
93.කැඳවන්න මා ඒ ගංඟාවට ///
කැඳවන්න මා ඉන් බොන්නට
ජීවත්වෙන්න
94.දෙවි පියාණෙනි ඔබව නමදිමි
ඔබව නමදිමි ඔබව නමදිමි
ඔබ වෙතට මගේ දෑත් ඔසවලා
ඔබේ ගුණ ගයා ඔබව නමදිමි
යේසු සමිඳුනි ඔබව නමදිමි
ඔබව නමදිමි ඔබව නමදිමි
ඔබ වෙතට මගේ දෑත් ඔසවලා
ඔබේ ගුණ ගයා ඔබව නමදිමි
සුදත් දෙවිඳුනි ඔබව නමදිමි
ඔබව නමදිමි ඔබව නමදිමි
ඔබ වෙතට මගේ දෑත් ඔසවලා
ඔබේ ගුණ ගයා ඔබව නමදිමි
95.ඔබ ඔසවන්නෙමි /// ඕ උතුම්
මේ මිහිතලයේ උතුම්
දෙවිඳුන් ඔබයි
පසසන්නේ සැමදා ඔබේ නාමයයි
96.කාලය පැමිණ තිබේ
යේසුස්ගේ රජයේ
අසා සිටින් ඔබ කතා කරයි හිමි
බලා සිටියි එනතෙක් //
යුධ ගිනි ඇවිල යතේ
ලොව කෙලවර පැමිණේ
පමා නොවන් නුඹ
කතා කරයි හිමි
ඇතුල් වෙයන් සුවසේ //
97.සියළු බලැත් සියළු නැණත්
සියළු පෙමැත්තෙ ඔබයි //
නමදින්නෙමි මා මුළු සිතින්
නමදින්නෙමි මා මුළු හදින්
නමදින්නෙමි මා ශක්තියෙන්
දෙවිඳුනි ... දෙවිඳුනි ...
98.හාලේලූයියා ස්තුති ප්‍රශංසා සැමදා
දෙමු අපි යේසු හටා //
ආ ... හලේලූයියා ///
99.මේ ලෝ තලේ ශුදතුම් නිති හැසිරේ
මේ ලෝ තලේ දිවැසියන් වදාළ සේ
මේ ලෝ තලේ බලවත් අනාවරණේ
දෙවිඳුන්ගේ මහිමේ
දියෙන් පිරි සයුර සේ
මා හද තුළේ ...
දෙව් සභාව තුළේ ...
100.ස්තුති ප්‍රශංසා කරනෙම් //
ලේ වගුරලා මා ගැලෙව්වාවූ
ස්වාමින්ට ගායනා කරව්
ස්වාමින් මාගේ එඬේරයි //
ලේ වගුරලා ...
ස්වාමින් මාගේ වෙදතුමයි //
ලේ වගුරලා ...
හාලේලූයියා ආමෙන් //
ලේ වගුරලා ...


