ලෝකාග්‍ර දෙවිඳුනි.. අපගේ පියාණෙනි.. මැවිල්ලේ කතුවර ඔබයි.. තේජස් මහිම වේ.. ප්‍රශංසාව මැද වැඩ සිටිනා.. පුදනට එතුමන් වටිනා.. අමිල ලෙයින් අපව මිළදී ගත්තා.. නමදිමු සැමදා සැවොමා..
Image and video hosting by TinyPic
Jesus-Name

ගීතිකා 51 - 75

51.මා සිතෙහි ගීතයක් තිබේ
ගීතයක් තිබේ සග මිහිරි හඬින්
මා සිතෙහි ගීතයක් තිබේ
ඒ දෙව් පෙම් යුත් ගීයමයි
යේසුස් /// නම මිහිරියි
මා ආශා පුරවා
ගී කියන්නට සලස්වයි

52.ස්වාමීන්වහන්සේගේ දොරටුව
තුළින් ඇතුල් වී
ප්‍රශංසා කරමින් සිටිමි
මෙය සමිඳුන් මැවූ දවසයි කියමින්
එහි ප්‍රීතිවෙමින් මා සන්තෝෂ වෙමී
මට සන්තෝෂයි //
එහි ප්‍රීතිවෙමින් මා සන්තෝෂ වෙමී
මට සන්තෝෂයි //
එහි ප්‍රීතිවෙමින් මා සන්තෝෂ වෙමී

53.දෙව් වචනය කියා නැද්ද
අපි ජය ගන්නා බව //
යේසුස්ගේ ලේ තුළින්
ඔව් යේසුස්ගේ ලේ තුළින් //
දෙව් වචනය කියා නැද්ද
අපි ජය ගන්නා බව
යේසුස්ගේ ලේ ..තුළින්

54.ගයව් හාලේලුයියා ස්වාමීන්ට //
ගයව් හාලේලුයියා /// ස්වාමීන්ට
ස්තූති හාලේලූයියා ස්වාමීන්ට //
ස්තූති හාලේලුයියා /// ස්වාමීන්ට
පැසසුම් හාලේලූයියා ස්වාමීන්ට //
පැසසුම් හාලේලුයියා /// ස්වාමීන්ට

55.මා අත් ඔසවමින්
මා තොල් ප්‍රශංසාවෙන්
මා සිත් ස්තුති දෙමින්
ඔබ නමදිමි //
මා සිත් ස්තුති දෙමින්
ඔබ නමදිමි

56.කරන් මා ගින්නක් එපඳුර මෙන්
යදිමි ගිණි දෙන්ට
කරන් මා ගින්නක් ප්‍රේමයෙන්ම වේ
නික්ම අවුල් ලා තබන්
ඇවිලෙන්ට නිත් //
ඔබේ දිව්‍ය තේජස් පතුරා
ඇවිලෙන්ට නිත් //
නික්ම අවුල් ලා තබන්

57.මහිමේ මහිමේ යේසුස්ට වේවා //
අත ගැසූ මෙමටා
ප්‍රශංසාවේදීත් ගැයීමේදීත් //
මහිමේ මහිමේ යේසුස්ට වේවා
අත ගැසූ මෙමටා

58.යේසුස් මගේ අත නොහරියි //
රළ ගැසුවත් කුණාටු ආවත්
යේසුස් මගේ අත නොහරියි
කිසි කලෙකත් නොහරියි //
රළ ගැසුවත් කුණාටු ආවත්
යේසුස් මගේ අත නොහරියි

59.ඔබ මාගේ රජුන් /// පසසම්
ඔබ මාගේ ජීවේ /// පසසම්
ඔබ මාගේ මිදුම්කරු /// පසසම්
ඔබ මාගේ සුවයයි /// පසසම්
ඔබ මාගේ සියල්ලයි /// පසසම්
ඕ හාලේලූයියා /// පසසම්

60.යුද්ධය තදයි සතුරෝ බොහොමයි
අමාරුකම් බොහොමයි
පාර පාටුයි කටුත් බොහෝමයි
යෑම අමාරුමයි
යේසුස් ගියා අන්තිමය දක්වා
සතුරා පැනලා ගියා
හාලේලූයියා // මමත් යනවාමයි

61.61.ඒ හොඳ මිත්‍රයා //
කල්වාරියේ පණ දුන්නා
ඒ හොඳ මිත්‍රයා

62.ශුද්ධ ආත්මයන් තුමා
මා ප්‍රාණවත් කරයි //
ශුද්ධ ආත්මයන් තුමා
මා ප්‍රාණවත් කරයි
නිතරම  ප්‍රාණවත් කරයි
හාලේලූයියා ///// රජුටා

63.රැස්වෙමු ස්වාමි අභිමුඛයේ //
රැස්වෙමු සෑමදින ස්වාමි අභිමුඛයේ
රැස්වෙමු ස්වාමි අභිමුඛයේ
ගී කියම් අපි ස්වාමිට සැමා //
ගී කියම් අපි සැමදෙන
ස්වාමිට සැමා
ගී කියම් අපි ස්වාමිට සැමා
ප්‍රශංසා කරමු ස්වාමින්ටා //
ප්‍රශංසා කරමු සැමදින
ස්වාමින්ටා
ප්‍රශංසා කරමු ස්වාමින්ටා
කන්නලව් කරමු ස්වාමින්ටා //
කන්නලව් කරමු සැමදින ස්වාමින්ටා
කන්නලව් කරමු ස්වාමින්ටා

64.මහිමය දුටිමි මහිමය දුටිමි
තේජස බැස එනවා
පසසම් ඒ නාමේ බලගතු නාමය
තේජස බැස එනවා //

65.මා ජීවේ ඔබයි සමිඳේ
සවියත් ඔබයි සමිඳේ
පැතුමත් ඔබයි මා සමිඳේ
පසසම් මාගේ මුළු හදවතින්
පසසම් මාගේ මුළු ශක්තියෙන්
පසසම් මාගේ මුළු බුද්ධියෙන්
නමදිමි මෙමා මුලු සිතින්

66.මැරී නැත
අප යේසුස් මැරී නැත //
හැඟෙයි එතුම් මා තුළේ
නෑ නෑ නෑ නෑ

67.අපි තුති පූජා ගෙනෙමින්
දෙව් මැදුරට යමු තුටිනා //
දෙවිඳුන් හට එය පුදලා
පැසසුම් ජය ගී නගලා //

68.ප්‍රශංසා කරව් //
උදයද සවසද ප්‍රශංසා කරව්
ප්‍රශංසා කරව් //
දෙවිඳුට ප්‍රශංසා කරව්

69.මාගේ සමිඳුන් ප්‍රේමේ රජිඳුන්
ගී ගයා මා පසසම්
ගී ගයා /// මා පසසම්
හාලේලූයියා

70.අවියක් කරනු මා ඔබ නමදින්ටා
ඔබෙ නාමෙන් අත් ඔසවම් //
පෙම් ගීයක් ගයමි යේසුස්ට ගයමි
ඔබෙ නාමෙන් අත් ඔසවම් //
ඔබ මාගේ සියල්ලයි
සියල්ලෙන් සියල්ලයි
ඔබෙ නාමෙන් අත් ඔසවම්

71.සමිඳුන් පසසමු //
සමිඳුන් ඉදිරියෙහි පසසා ප්‍රීතිවෙමු
බෙර හා රබන් ගසා
සමිඳුන් පසසමු
අපගේ හද පත්ලෙන්
පසසා ප්‍රීතිවෙමු
අත් පොලසන් දීමෙන්
සමිඳුන් පසසමු
මිහිරි ගීත ගයමින්
පසසා ප්‍රීතිවෙමු

72.මා හද සාමයේ ගංඟාවක් ///
ආත්මයේ
මා හද සාමයේ ගංඟාවක් ///
ආත්මයේ
මා හද ප්‍රීතියේ දිය ඇල්ලක් ... ///
මා හද ප්‍රේමයේ සාගරයක් ... ///

73.යේසුස් උතුම්ම නාමේ
සිරිමැත් මහිමැත් සමිඳු
එම්මානුවෙල් අප හා වන
වදනයි ජීවමාන වූ

74.භය වෙන්න එපා කැළඹෙන්න එපා
අපේ දෙවිඳුන් අප සමඟයි
ගිණි මැදින් ගියත් ජල මැදින් ගියත්
අපේ දෙවිඳුන් අප සමඟයි

මැටි රූපයක් ගල් පිළිමයක්
නොවේ අපේ දෙවිඳුන්
මගේ ජීවිතයේ වැඩ වසනා
ජීවමාන රජිඳුයි

රථ වලින් නොවේ කඩු වලින් නොවේ
අශ්වයන්ගේ බලය නොවේ
මට ජය ගෙන දෙන මගේ දෙවිඳුගේ
බලවත් හස්තයමයි

75.අප දෙවිඳුගේ අභිමුඛයේ
ප්‍රීතිය පිරී ඉතිරේ
වයනා තාලයේ ගයනා ගීතයේ
තනුව ඔබයි සමිඳේ